colombotimes.lk
සිංහල | English

20 September 2024


කුඹුක්කන ප්‍රදේශයේදී බස් රථයක් පෙරලෙයි



මොනරාගල සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් කුඹුක්කන 14කණුව ප්‍රදේශයේදී බිහිසුණු අනතුරකට පත් වී තිබෙනවා.

පෞද්ගලික බස් රථය මාර්ගයෙන් ඉවතට පෙරලීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.
 
මෙම අනතුරෙන් බස් රථයේ ගමන් ගත් පුද්ගලයන් 17දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූවන් බුත්තල සහ මොනරාගල රෝහල් වලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)