colombotimes.lk
සිංහල | English

20 September 2024


ලංකාවේ වාර්තාවක් ඕස්ට්‍රේලියාව අලුත් කරන්න සැරසෙයි



සත්කාරක එංගලන්ත කණ්ඩායම එරෙහිව පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 07ක පහසු ජයක් වාර්තා කිරීමට සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 315ක් රැස් කළා.

එම දැවැන්ත ඉලක්කය හඹා ගිය ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 44ක් පමණක් වැය කරමින් එම ඉලක්කය පසු කිරීමට සමත් වුණා.  
 
මෙය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ ඕස්ට්‍රේලියාව අඛණ්ඩව ලැබූ 13 වන ජයග්‍රහණයයි.

ඒ අනුව තවත් එක් තරගයක් ඔවුන් ජයග්‍රහණය කළහොත් අඛණ්ඩව වැඩිම තරග සංඛ්‍යවක් ජයගත් කණ්ඩායම් අතර දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ඕස්ට්‍රේලියාවට හැකියාව පවතිනවා.

මෙහි දෙවන ස්ථානයේ සම තැන ගෙන සිටින්නේ අඛණ්ඩ තරග 13ක් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමයි.

කෙසේ වෙතත් අඛණ්ඩව වැඩිම තරග සංඛ්‍යාවක් ජයගත් කණ්ඩායම වන්නේ ඕස්ට්‍රේලියාව වන අතර ඔවුන් 2003 වසරේදී තරග 21ක් අඛණ්ඩව ජයග්‍රහණ කර තිබෙනවා.

 
(colombotimes.lk)