colombotimes.lk
සිංහල | English

20 September 2024


තැපැල් සේවකයන් දෙදෙනෙක්ගේ වැඩ තහනම් කරයි



නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සම්බන්ධ රාජකාරි පැහැර හැරීම හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තු සේවකයන් දෙදෙනෙක්ගේ වැඩ තහනම් කර තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ එම සේවකයන් කළුතර සහ පුත්තලම තැපැල් කාර්යාලවලට අනුයුක්තව සේවය කරන බවයි.

මේ අතර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 99%ක් බෙදා අවසන් කර තිබෙනවා.

නියෝජ්‍ය තැපැල්පතිවරයා සඳහන් කළේ මේ වන විට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා එක්කෝටී හැට නව ලක්ෂ තිස් නව දහස් තුන්සිය අනූ අටක් බෙදා ඇති බවයි.

(colombotimes.lk)