01 July 2025

logo

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබාගැනීමට අදත් අවස්ථාවක්



2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද (20) දිනයේදීත් තමන්ට ආසන්න තැපැල් කාර්යාලයෙන් ලබා ගැනීමට ඡන්ද දායකයන්ට පහසුකම් සලසා ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ සඳහන් කළේ හෙට (21) දිනයේත් ඒ සඳහා අවස්ථාව හිමිවන බවයි.

සිය අන්‍යතාව තහවුරු කර පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ ඒවා ලබා ගත හැකි බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

කෙසේ වෙතත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් නොමැතිව වුවද හැඳුනුම්පත රැගෙනයාමෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

(colombotimes.lk)