07 January 2026

logo

කොට්ඨාස මට්ටමේ මැතිවරණ ප්‍රචාරක කාර්යාල ඉවත් කරයි



ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා තිබෙන සියලුම මැතිවරණ ප්‍රචාරක කාර්යාල ඊයේ (19) මධ්‍යම රාත්‍රියෙන් පසු ඉවත්කර ගත යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක පවසනවා.

ඔහු සඳහන් කළේ අද (20) සිට විවෘතව තැබීමට හැකියාව තිබෙන්නේ දිස්ත්‍රික්කය සඳහා එක් කාර්යාලයකුත්, ඡන්ද ප්‍රදේශයක් සඳහා එක් කාර්යාලයකුත් පමණක් බවයි.

ඉවත් කර නොමැති අනෙකුත් කාර්යාල පොලිසිය මගින් ඉවත් කිරීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)