22 November 2024


අතුරුදන් වූ නඩු භාණ්ඩ තොගයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක්



අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ රණ් භාණ්ඩ තොගයක් නැතිවීම සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් අධිකරණය මඟින් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි.

එලෙස අස්ථානගත වී ඇත්තේ 1998 වර්ෂයේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද රණ් භාන්ඩ තොගයක් බව පොලීසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් අම්පාර පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)