කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක ඡන්ද විමසීමේ කටයුතු අත්හිටුවමින් අභියාචනාධිකරණයෙන් තහනම් නියෝගයක් අද (07) නිකුත් කර තිබෙනවා.
සිය නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් කිහිපයක් ඉදිරිපත් කළ රිට් පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙමින් මෙම නියෝගය නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මෙම පෙත්සම්වලට අදාළ විරෝධතා මැයි 05වනදාට පෙර ගොනු කරන ලෙස විනිසුරු මඩුල්ල විසින් මෙහිදී නියෝග කර තිබෙනවා.
විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාර්ශවයට නියම කළේ ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා මැයි මස 07වනදාට පෙර ගොනුකරන ලෙසයි.
ඉන් අනතුරුව පෙත්සම් විභාගය මැයි මස 16වනදා පැවැත්වීමට නියම වී තිබෙනවා.
(colombotimes.lk)