22 November 2024


මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකගේ ඇප ඉල්ලීමට අධිකරණයෙන් නියෝගයක්



රුපියල් බිලියන 3.5ක වැට් බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් තමාට ලබාදී ඇති මාස 6ක සිරදඬුවමෙන් තමාව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂක රන්දෙව් දිනේන්ද්‍ර ජෝන් විසින් ගොනු කර ඇති ඉල්ලීම පිළිබඳ නියෝගය එළඹෙන 12වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නියෝග කළා.

අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ ඔහුව අප මත මුදා හරින ලෙස ඉල්ලා ඉදිරිපත් කරන ලද රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

(colombotimes.lk)