වගා හානි කරන සතුන් සම්බන්ධයෙන් සිදු කළ සංගණනයේ දිස්ත්‍රික් මට්ටමේ වාර්තාව අද (28) අමාත්‍යාංශය වෙත භාරගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි තාක්ෂණ අධ්‍යක්ෂ හේමන්ත අමරසිංහ පවසනවා.
ඔහු සඳහන් කළේ ඒ සම්බන්ධව දිස්ත්‍රික් ලේකම්වරු දැනුවත් කර ඇති බවයි.
අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ සියලුම දිස්ත්‍රික්කවල වාර්තා ලැබුණු පසු ජාතික මට්ටමේ වාර්තාවක් සකස් කර ඉදිරියේදී එය ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවයි.
(colombotimes.lk)