01 April 2025


මියන්මාරයේ තවත් භූ කම්පනයක්



මියන්මාරයේ අද (30) රිච්ටර් මාපකයේ ඒකක 5.1ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුවී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මැන්ඩලේ ප්‍රදේශයට වයඹ දෙසින් කිලෝමීටර් 28ක් පමණ දුරින් වූ ප්‍රදේශයක එම භූ කම්පනය සිදුවූ බවයි.

පසුගිය 28වනදාද මියන්මාරයේ රිච්ටර් මාපකයේ ඒකක 7.7ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිදුවුණා.

එහි බලපෑමෙන් මේ වන විට පුද්ගලයන් 1700දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

(colombotimes.lk)