22 November 2024


ත්‍රිපෝෂ සමාගම ගැන මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්



සීමාසහිත ත්‍රීපෝෂ සමාගම පිළිබඳව පළවන ඇතැම් පුවත් සම්බන්ධව මුදල් අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ සඳහන් වන්නේ සීමාසහිත ත්‍රීපෝෂ සමාගම ඈවර කිරීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.

දරුවන් හා ගැබිණි මව්වරුන්ට ත්‍රීපෝෂ ලබාදීමේ වැඩසටහන වඩාත් ඵලදායීතාවයෙන් යුක්තව ඉදිරියටත් ක්‍රියාත්මක වන බවද එම නිවේදනයේ සඳහන් වනවා.

(colombotimes.lk)