කොළඹ වරායේ ආනයන බහලුම් නිෂ්කාශනය කිරීමේදී ඇති වූ තදබදය අවසන් කිරීමට මේ වන විට හැකි වූ බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.
අතිරේක රේගු අධ්‍යක්ෂ සහ රේගු මාධ්‍ය ප්‍රකාශයක සීවලි අරුක්ගොඩ සඳහන් කළේ මේ වන විට එම තදබදය සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බවයි.
පසුගිය දින කිහිපයේදී ආනයන බහලුම් නිෂ්කාශනය කිරීම සඳහා අතිරේක දින කිහිපයක් ගැනීමට සිදු වූ බවත් ආනයනික බහාලුම් ප්‍රමාණය ඉහළයාම මෙයට ප්‍රධාන හේතුව බව සීවලි අරුක්ගොඩ සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ දිනකට 1,200ක් පමණ ලැබුණු ආනයනික බහාලුම් ඇතැම් දිනවලදී 2,900 දක්වා ඉහළ ගිය බවත් මේ හේතුවෙන් එම ආනයනික බහාලුම් නිෂ්කාශනය කිරීමේදි අතිරේක කාලයක් යෙදවීමට සිදු වූ බවයි.
කෙසේ නමුත් අද උදෑසන වන විට මෙම ප්‍රමාදය සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බවද කොළඹ වරායෙන් නිදහස් කිරීමට තිබූ සියලු බහාලුම් රේගුව විසින් නිෂ්කාශනය කර අවසන් කර ඇති බවද අතිරේක රේගු අධ්‍යක්ෂ සහ රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලි අරුක්ගොඩ වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)