පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මඟින් සිදුකරන ලද වැටලීම් මඟින් පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය කිලෝ 300කට ආසන්න ප්‍රමාණයක් හෙට (27) ප්‍රසිද්ධියේ දහනය කර විනාශ කිරීමට නියමිත බව පොලිස් මූලස්ථානය පවසනවා.
ඒ අනුව පොලිස් මූලස්ථානය සඳහන් කළේ අදාළ වැටලීම්වලට අදාළව බලපිටිය සහ හලාවත අධිකරණවල විභාග වූ නඩු කටයුතු අවසන් වීමෙන් පසු හෙරොයින් කිලෝ 22 ග්‍රෑම් 888ක්, කේරළ ගංජා කිලෝ 33 ග්‍රෑම් 172ක් හා ගංජා කිලෝ 247 ග්‍රෑම් 940ක ප්‍රමාණයක් මෙලෙස විනාශ කිරීමට නියමිත බවයි.
එමෙන්ම මෙම මත්ද්‍රව්‍ය තොගය හෙට (26) පුත්තලම වනාතවිල්ලුව ලැක්ටෝවත්ත ප්‍රදේශයේ ස්ථාපිත දහන උඳුන තුළදී දහනය කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බවද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
