පසුගියදා ආරුගම්බේ ප්රදේශයට ත්රස්ත ප්රහාරයක් එල්ල වීමට නියමිත බවට ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.
ඒ කොළඹ මහෙස්ත්රාත් අධිකරණය විසින්.
එම සැකකරුවන් අතරට මාලදිවයින් ජාතිකයෙක් ද ඇතුළත් බවයි වාර්තා වන්නේ.
ත්රස්ත විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේ අදාළ සැකකරුවන් ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්රශ්න කිරීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කරන බවයි.
මෙම සැකකරුවන් සම්බන්ධයෙන් ගත යුතු නීතිමය ක්රියාමාර්ග පිළිබඳව පොලීසිය නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා තිබෙනවා.
ඒ අනුව නීතිපති උපදෙස් ලැබෙන තෙක් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉලීමක් කළ අතර එම ඉල්ලීම පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්රාත් පසන් අමරසේන අදාළ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළා.
(colombotimes.lk)