18 January 2025


චීනයේ සිචුවාන් පළාත සහ ශ්‍රී ලංකාව අතර සබඳතා නව තලයකට



ශ්‍රී ලංකාව මේ වන විට ආර්ථික වශයෙන් ස්ථාවර වෙමින් පවතින බව චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාතේ ලේකම් වං ෂියාඕහ්වෙයි ප්‍රකාශ කර තිබෙනවා.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාතේ ලේකම්වරයා අතර අද (17) පැවති හමුවකදීයි.

එහිදී ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකාව තුළ ආයෝජනය සඳහා ඉතා හිතරක පරිසරයක්ද නිර්මාණය වී ඇති බවයි.

ආර්ථික සංවර්ධනය අතින් සෑමවිටම පෙරමුණේ සිටින සිචුවාන් පළාත සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික, වෙළෙඳ, සංස්කෘතික සහ සංචාරක මෙන්ම අන්තර් රාජ්‍ය සබඳතා ශක්තිමත් කර ගනිමින් නව තලයකට ඔසවා තැබීම පිළිබඳ මෙම හමුවේ දී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

(colombotimes.lk)