11 July 2025

logo

ගාසාහි ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීමට එකඟතාවක්



ගාසා තීරයේ රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීම සඳහා හමාස් සංවිධානය සමඟ එකඟතාවයකට පැමිණි බව ඊශ්‍රායල අගමැති කාර්යාලය තහවුරු කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහිදී  කටාර්, ඇමරිකාව සහ ඊජිප්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද ගිවිසුමට ප්‍රකාරව ගාසා තීරයේ සිටින ප්‍රාණ ඇපකරුවන් සහ සිරකරුවන් අදියරෙන් අදියර නිදහස් කිරීම සිදුවන බවයි.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රධානත්වයෙන් අද (17) රැස්වන ආරක්ෂක කැබිනට් මණ්ඩලයේදී මේ පිළිබඳව අනුමැතිය ලබා ගැනීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)