වතුකරයේ තෝරාගත් පාසල් සඳහා ස්මාර්ට් පන්ති කාමර 60ක් ඉදිකිරීමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.
ඒ ඊයේ (16) ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදීයි.
එහිදී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති අවබෝධතා ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ මෙම ව්‍යාපෘතිය සඳහා ඉන්දීය රජයෙන් මුදල් ආධාර වශයෙන් රුපියල් මිලියන 508ක් ලබා දෙන බවයි.
ඒ අනුව නුවරඑළිය, නුවර සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල තෝරාගත් වතුකර පාසල් සඳහා මෙම ස්මාර්ට් පන්ති කාමර ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා.
(colombotimes.lk)