Clean Sri Lanka වැඩසටහනට සමගාමීව පොලීසිය දියත් කරන රථවාහන මෙහෙයුම් හේතුවෙන් රථ වාහන අනතුරුවලින් දිනකට මියයන සංඛ්‍යාව අඩුකර ගැනීමට හැකි වූ බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ප්‍රකාශ කළා.
ඒ 'නව රජයේ වැඩපිළිවෙළ සමඟ පොලීසියේ කාර්යභාරය' යන තේමාව යටතේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (17) පැවති විශේෂ මාධ්‍ය හමවුකට එක්වෙමින්.
එහිදී ඔහු කියා සිටියේ රථ වාහන අනතුරු හේතුවෙන් දිනකට මියයන පුද්ගලයන් ගණන යුද සමයේ මියගිය ප්‍රමාණයට වඩා වැඩි බවයි.
මෙය නොපෙනෙන ත්රස්තවාදයක් බවත් මාර්ග විනය පවත්වාගෙන යාම අතිශය වැදගත් බවත් වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරත් සඳහන් කළා.
(colombotimes.lk)