colombotimes.lk
සිංහල | English

05 October 2024


Travel Times | සුන්දර ආරුගම්බේ වෙරළ තිරය



ආරුගම්බේ කියන්නේ ලංකාවේ තියෙන අතිශය සුන්දර වෙරළ තීරයක්. එහි පවතින සුන්දරත්වය නිසාම විදේශිකයන් අතර ආරුගම්බේ ඉතාමත් ප්‍රචලාත වෙලා තිබෙනවා.

 
15 Best Things To Do in Arugam Bay, Sri Lanka [2023 Travel Guide]
 
ආරුගම්බේ යන්නේ කොහොමද ?
 
කොළඹ ඉදලා 413 km ක දුරින් තමයි ආරුගම්බේ වෙරළ තීරය පිහිටලා තියෙන්නේ . ඔයා ආරුගම්බේ වෙරළ තීරයට බස් එකේ යනවා නම් කරන්න තියෙන්නේ පොඩි දෙයයි. මුලින්ම කොළඹ කොටුවෙන් මොනරාගල බස් එකක නගින්න තියෙන්නේ. මොනරාගලින් බැස්සට පස්සේ තියෙනවා ආරුගම්බේ වලට කෙලින්ම බස්. ඔයාට ඕනේ නම් පොතුවිල් වලට යන බස් එකක ගිහින් වුණත් යන්න පුලුවන්.
 
Wonderful Location Of Arugam Bay In Sri Lanka - Things to do in Sri Lanka
 
අරුගම්බේ සුන්දරත්වය
 
මේ වනවිට ආරුගම්බේ කියන්නේ ලෝකප්‍රකට නාමයක්. ඒකට හේතුව වෙන්නේ මුහුදු දිය මත ලිස්සා යාමේ ක්‍රීඩාවයි (Surfing). දෙස් විදෙස් සංචාරකයෝ දහස් ගණනින් ආරුගම්බේ වෙරළ තිරය වෙත ඇදී එන්නේ මේ නිසා. ආරුගම්බේ, ලොව සර්ෆිං ක්‍රීඩාවට ලොල් වූවන්ගෙන් පිරී ඉතිරියන කලාපයක් බවට පත්වෙලා. මේ නිසාම මේ වනවිට ශ්‍රී ලංකාව විදේශිය සංචාරකයන්ගේ නොමද පැසසුමට ලක් වෙනවා.
 
මේ හේතුවෙන් දේශීය සංචාරකයන්ද සර්ෆින් ක්‍රීඩාවට යොමුවී සිටිමේ ප්‍රවණතාවයක් දැක ගන්න පුලුවන්. මේ ප්‍රදේශයේ ජනාවාසය, ප්‍රධාන වශයෙන් මුස්ලිම් වන අතර එය උල්ලයි නමින් හැඳින්වේ. කෙසේ වෙතත් ගමේ දකුණු ප්‍රදේශයේ සැලකිය යුතු දෙමළ හා සිංහල ජනගහනයක් සිටින අතර ඵමෙන්ම බොහෝ දුරට යුරෝපයේ හා ඕස්ට්රේලියාවේ සිට පැමිණි ජාත්‍යන්තර සංක්‍රමණිකයින් ගණනාවක්ද ඇත.
 
සාම්ප්‍රදායිකව ධීවර කර්මාන්තය දේශීය ආර්ථිකය තුල ආධිපත්‍ය උසුලන අතර, මෑත වසර කිහිපය තුල සංචාරක කර්මාන්තය ප්‍රදේශයේ වේගයෙන් වර්ධනය වී ඇත. ආරුගම්බේ සංචාරක ආධිපත්‍ය සර්ෆ් සංචාරක කර්මාන්තය මත තමයි තියෙන්නේ. ඒ වගේම දේශීය මුහුදු වෙරළ, කලපු, ඓතිහාසික වෙහෙර විහාර සහ අසල පිහිටි කුමන ජාතික උද්‍යානය ටද ආකර්ශනය වෙලා ඉන්නවා.
 
Unique Experiences in Arugam Bay, Sri Lanka | Love Sri Lanka
 
Special Note
 
ආසන්නයේ පොතුවිල් මුස්ලිම් ගම්මානය, සංචාරක ලැගුම් හලක්ද, වාණිජ හා ප්‍රවාහන මධ්යස්ථානයක් ද වන පොතුවිල් අරුගම්බේ දකුණු වෙරල තිරයේ පිහිටා තියෙනවා.
 
ප්‍රධාන වෙරළ ටිකක් අපිරිසිදු වුණත් ආසන්නයේ ඇති වෙරළ හා සාපේක්ෂව බලන විට එය සුන්දර බැවින් සහ විශිෂ්ට තරංග රළ සහිතව තියෙනවා.
 
(Dinithi Thilakarathne @ COLOMBO TIMES)