11 May 2025


ඊශ්‍රායලයෙන් පලස්තීනයට ප්‍රහාර



ඊශ්‍රායල හමුදා ගාසා තීරය ඉලක්ක කරමින් ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. 

ඒ හේතුවෙන් පලස්තීන ජිහාඩ් නායකයින් තිදෙනෙකු ඇතුළු 13 දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වනවා. 
 
මෙලෙස මිය ගොස් ඇත්තේ අල් ඝාන්නම්, ඛලීඩ් අල් බහ්තිනී සහ තාරික් අස් අල් ඩීන් නම් පලස්තීන ජිහාඩ් සංවිධානයට සක්‍රියව නායකත්වය සැපයූ නායකයන් තිදෙනෙක්. 
 
මියගිය පිරිස අතර කුඩා ළමයින් 4 දෙනෙක් සහ කාන්තාවන් 6 දෙනෙක්ද වූ බව පලස්තීන සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළා. 
 
එමෙන්ම තවත් 20 දෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තා වනවා.
(colombotimes.lk)