කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10යි ග්‍රෑම් 323ක ප්‍රමාණයක් රට තුළට පැමිණීමට පෙර සිය භාරයට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් හා ගුවන්තොටුපොළ රේගු ඒකකයේ නිලධාරීන් අද (30) සමත් වී තිබෙනවා.
ඒ අද අලුයම කටුනායක ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තය තුළ සිඳු කළ වැටලීමකදීයි.
එම මත්ද්‍රව්‍ය තොගය ගුවන් මඟින් මෙරටට රැගෙන ආ 38 හැවිරිදි ඉතාලි ජාතිකයෙක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගත් අදාළ සැකකරු සෙල්ලම් බඩු 03ක් තුළ සූක්ෂ්ම ලෙස සඟවා මෙම මත්ද්‍රව්‍ය රැගෙන විත් තිබූ බවටයි වාර්තා වන්නේ.
(colombotimes.lk)