01 July 2025

logo

කාරක සභාවල විපක්ෂයේ නියෝජනය වැඩි කිරීමට අවධානය



විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සඳහා කාරක සභාවල නියෝජනය වැඩි කිරීම සම්බන්ධව විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් ඉල්ලා සිටින කරුණු සාකච්ඡා කිරීමට විශේෂ පක්ෂ නායක රැස්වීමක් ඊයේ (22) පවත්වා තිබෙනවා.

ඒ අනුව මන්ත්‍රීවරුන්ගේ මෙම ඉල්ලීම් පිළිබඳව පසුගිය 19වනදා කථානායකවරයා විසින් සභාවට නිවේදනය කළ අතර ​මේ පිළිබඳව ආණ්ඩුවේ ස්ථාවරය සභානාය​කවරයා විසින් කථානායකවරයා වෙත ලිඛිතව දන්වා තිබූ ලිපිය මෙහිදී සභාවට ප්‍රකාශ කළා.

අනතුරුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් කාරක සභාවල විපක්ෂයේ සංයුතිය තවදුරටත් වැඩි කිරීම සම්බන්ධයෙන් කරන ලද ඉල්ලීම් පිළිබඳව සාධනීය ලෙස සලකා බලා ඒ සම්බන්ධයෙන් වූ රජයේ තීරණය ඉතා කඩිනමින් ලබාදෙන බව ද සභානායකවරයා මෙම රැස්වීමේදී ප්‍රකාශ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)