'නයිට්‍රික් අම්ලය' කාන්දුවීමෙන් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමට ලක්වී ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇති බව නීතිපතිවරයා පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලට දැනුම්දී තිබෙනවා.
නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරීන් පුල්ලේ විසින් මෙය පංච පුද්ගල විනිසුරු මඬුල්ලට දැනුම්දී තිබෙන බවයි වාර්තා වන්නේ.
නෞකාව ගිනි ගැනීම සම්බන්ධයෙන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 04ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී ඒ බව දැනුම්දී තිබෙනවා.
එම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර ඇත්තේ නෞකාව ගිනි ගැනීමෙන් ධීවරයන්ට සහ පරිසරයට සිදු වූ හානියට වන්දි ඉල්ලමින්.
පෙත්සම් අගවිනිසුරු මූර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙන්ගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගෙන තිබෙනවා.
අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අවධාරණය කළේ එම නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට සම්පූර්ණයෙන්ම වගකිය යුත්තේ එහි කාර්ය මණ්ඩලය සහ නෞකාව පාලනය කළ සමාගම බවයි.
කන්ටේනර් 02කින් 'නයිට්‍රික් අම්ලය' කාන්දු වන බව දැනගෙන දින 09ක කාලයක් ගතවී තිබුණත් බලධාරීන් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොමැති බව විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.
එම ව්‍යවසනයට මෙරට රජය කිසිදු ආකාරයක වගකීමක් දැරීමේ අවශ්‍යතාවයන් නොමැති බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා විනිසුරු මඩුල්ල ඉදිරියේ අනාවරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)