01 April 2025


එලෝන් මස්ක් X විකුණයි



එලොන් මස්ක් විසින් ඔහුගේ සමාජ මාධ්‍ය සමාගම වන 'X' විකුණා තිබෙනවා.

ඒ ඔහුගේම කෘතිම බුද්ධි සමාගම (Artificial Intelligence Company) වන 'xAI' වෙතයි.

ඔහු සිය 'X' ගිණුමේ සටහනක් තබමින් ඊයේ (28) මේ බව තහවුරු කර තිබෙනවා.

ඒ අනුව xAI සමාගම විසින් ඩොලර් බිලියන 45ක්  X මිලදී ගැනීම සඳහා ගෙවා තිබෙන බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් මෙම ගනුදෙනුවේ ඩොලර් බිලියන 12ක ණය මුදලක් ඇතුළත් වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මස්ක් මෙවර X අලෙවි කරන වටිනාකම ඔහු එවකට 'Twitter' ලෙසින් හැඳින් වූ මෙම සමාජ මාධ්‍ය සමාගම මිලදී ගැනීම සඳහා ගෙවූ මුදලට වඩා තරමක් වැඩි බවයි.

(colombotimes.lk)