ඇමරිකා උප ජනාධිපති ජේ. ඩී. වෑන්ස් ග්‍රීන්ලන්තයේ සංචාරයක ඊයේ (28) නිරත වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ රුසියාව හා චීනය ග්‍රීන්ලන්තයේ සිදු කරන විවිධ ආක්‍රමණවලට ඉඩදී බලා සිටින බවට ඇමෙරිකා උප ජනාධිපතිවරයා මෙම සංචාරයේදී ග්‍රීන්ලන්තයට චෝදනා කළ බවයි.
ජනගහණය 57000ක් වන ග්‍රීන්ලන්තය මේ වන විට ඩෙන්මාර්ක් රජයේ පාලනය යටතේ පවතිනවා.
ග්‍රීන්ලන්තය ඇමෙරිකාවට පවරා ගැනීම සඳහා සිදු කළ ජනමත විමසුමකින් හෙළි වුණේ ග්‍රීන්ලන්ත වැසියන් එම තීරණයට විරුද්ධ බවයි.
ග්‍රීන්ලන්තයේ ප්‍රයෝජනයට නොගත් ඛනිජ සහ තෙල් සංචිත සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන බව ඇමෙරිකානු උප ජනාධිපතිවරයා මෙහිදි කියා සිටියා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම සංචාරයේදී ඔහු ග්‍රීන්ලන්තයේ පිහිටි මිසයිල ආරක්ෂණ පහසුකමක් වන පිටියුෆික් අභ්‍යවකාශ කඳවුරේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වූ බවයි.
(colombotimes.lk)