වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන 'කප්රුකට සවියක් - වැඩි ඵලදාවක්' යටතේ පොල් වගාකරුවන් වෙත සහන මිලට පොහොර ලබාදීම මාර්තු 30වනදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
රුසියාවේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු MOP පොහොර මෙට්‍රික් ටොන් 27,500ක් හා එප්පාවල රොක් පොස්පේට්, යූරියා මිශ්‍ර කර පොල් වගාව සඳහා විශේෂිත AMP පොල් පොහොර මෙට්‍රික් ටොන් 56,700ක් සකස් කිරීම සඳහා රාජ්‍ය පොහොර සමාගම මේ වන විට කටයුතු කරමින් පවතින බවයි වාර්තා වන්නේ.
මෙම පොහොර සහන මිලට ලබාදීම සහ බෙදාහැරිම සඳහා අවශ්‍ය කටයුතු පොල් වගා කිරීමේ මණ්ඩලය සහ රාජ්‍ය පොහොර සමාගම් විසින් සිදු කරමින් පවතිනවා.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සඳහන් කළේ වෙළෙඳපලේ රු.9,000 වැනි මිලක් ව පවතින කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියක් රුපියල් රු.4,000ක සහන මිලකට ලබාදීමේ කටයුතු ඒ අනුව සිදු කරන බවයි.
ඒ අනුව මේ මස 30වන දින වැල්ලවාය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පොල් වගා කිරීමේ මණ්ඩලයේ හඳපානාගල පොල් පැළ තවානේදී සිදු කිරීමට මේ වන විට කටයුතු සූදානම් කරමින් පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)