01 April 2025


නාඳුනන පුද්ගල මළසිරුරක් වෙරළ තීරයකින් මතුවෙයි



තොඩුවාව පොලිස් වසමේ කුඩාමඩුවැල්ල වෙරළ තීරයේ තිබී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළසිරුරක් සොයාගෙන තිබෙනවා.

තොඩුවාව පොලීසිය සඳහන් කළේ ඊයේ (28) සවස් කාලයේදී පොලිස් ස්ථානයට ලද පණිවුඩයක් මත සිදු කළ විමර්ශනයකට අනුව මළසිරුර සොයාගත් බවයි.

වෙරළ තීරයෙන් හමුවූ මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)