12 August 2025

logo

ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය දිවයිනෙන් පිටත්ව යයි



ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුව මෙරට නිල සංචාරයක නිරත වූ සමන්තා ජෝයි මොස්ටින් (Samantha Joy Mostyn) ඇතුළු දූත පිරිස ඊයේ (10) පෙවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් පිටත්ව ගොස් තිබෙනවා. 

මෙම නිල සංචාරයේදී සමන්තා ජෝයි මොස්ටින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරය හමු වී ද්වීපාර්ශවික සාකච්ඡා පවත්වා තිබෙන බවයි වාර්තා වන්නේ. 
 
මෙහිදී ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරටේම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා පවතින සහයෝගීතා ක්ෂේත්‍ර පුළුල් කිරීමේ අවස්ථා පිළිබඳ අවධානය යොමු වී තිබෙනවා. 

(colombotimes.lk)