ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (12) යළි රැස්වීමට නියමිතව තිබෙනවා.
කථානායක කාර්යාලය සඳහන් කළේ කථානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 1.30ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිත බවයි.
මෙහිදී නව පොලිස්පතිවරයෙක් පත් කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාව පිළිබඳව අවධානය යොමු කිරීමට නියමිතව තිබෙනවා.
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධූරයෙන් පහ කිරීමත් සමඟ පොලිස්පති ධූරය පුරප්පාඩු වී ඇති අතර ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නව පොලිස්පතිවරයා පත් කිරීමට අදාළ නමක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
(colombotimes.lk)