අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (11) පවත්වා තිබෙනවා.
ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.
නායකත්වය සහ සැලසුම් කිරීම සඳහා වන පුහුණු වැඩසටහන් ඇතුළුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද්වීපාර්ශවික සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ඉදිරියට ගෙනයාම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)