12 August 2025

logo

ගාසා නගරය අත්පත් කර ගැනීමේ තීරණයට එරෙහිව ඊශ්‍රායලයේ විරෝධතා



ඊශ්‍රායලය ආරක්ෂක මණ්ඩලය විසින් ගාසා නගරයේ පාලනය අත්පත් කර ගැනීමේ සැලැස්ම අනුමැත කිරීමත් සමඟ එරට තුළ විරෝධතා රැසක් ආරම්භ වී තිබෙනවා.

ඒ වහාම යුධ ගැටුම් නතර කරන ලෙස ඉල්ලමින්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පලස්තීනයේ රඳවාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගේ ඡායාරූපද ප්‍රදර්ශනය කරමින් ලක්ෂයකට අධික පිරිසක් ටෙල් අවිව්හි විරෝධතාවයේ නිරත වන බවයි.

එමෙන්ම අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ නිවාස අසලටද විරෝධතාකරුවන් එක්ව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

(colombotimes.lk)