ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය විසින් අද (11) විරෝධතාවයක් සංවිධානය කර තිබෙනවා.
ඒ පැලවත්ත අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදීයි.
එහිදී විරෝධතාකරුවන් පැය භාගයක පමණ කාලයක් එම ස්ථානයේ විරොධතාවයේ නිරතවීමෙන් අනතුරුව පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට විරෝධතා පාගමනින් පැමිණ තිබෙනවා.
එහිදී එම පක්ෂ කාර්යාලය ඉදිරිපිට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබූ බවයි වාර්තා වන්නේ.
පවතින ආණ්ඩුව බලයට පත්වීමට පෙර ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා ලබාදුන් පොරාන්දු මේ වන විට කඩ කර ඇති බව මෙහිදී විරෝධතාවට එක්වූ විරෝධතාකරුවන් ප්‍රකාශ කළා.
(colombotimes.lk)