තුර්කියේ, බලිකෙසීර් පළාතේ භූ කම්පනයක් සිදු වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම භූ කම්පනයෙන් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වී තවත් පුද්ගලයන් 29දෙනෙක් තුවාල ලබා ඇති බවයි.
එමෙන්ම භූ කම්පනයෙන් ගොඩනැගිලි 16ක් කඩා වැටී තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම භූ කම්පනය මැග්නිටියුඩ් ඒකක 6.1ක ප්‍රබලත්වයකින් සිදු වී තිබෙනවා.
එරට ආපදා කළමනාකරණ අධිකාරිය සඳහන් කළේ භූ කම්පනය රටේ විශාලතම නගරය වන ඉස්තාන්බුල් ඇතුළු පළාත් කිහිපයකටද දැනී ඇති බවයි.
එමෙන්ම මෙම භූ කම්පනය කිලෝමීටර් 11ක් පොළොව අභ්‍යන්තරයේ සිදුවී තිබෙනවා.
(colombotimes.lk)