ආයුර්වේද වෛද්‍යවරුන්ද සටනට බසී



වැටුප් හා දීමනා ගැටලුවක් මුල් කර ගනිමින් ආයුර්වේද වෛද්‍යවරුන්ද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

අමතර සේවා පැය ගණන සහ ඊට අදාළ ගෙවීම් පිළිබඳව පැන නැගී ඇති ගැටලුවට මෙතෙක් විසඳුමක් ලැබී නොමැති බවයි රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ විධායක සභික වෛද්‍ය අජිත් උපශාන්ත ප්‍රකාශ කළේ.
(colombotimes.lk)