බ්‍රිතාන්‍යයේ ප්‍රථම වරට පුද්ගලයින් තිදෙනෙකුගේ DNA භාවිතයෙන් දරුවෙකු උපත ලබා තිබෙනවා.
එහිදී දරුවාගේ මව සහ පියාගේ DNA වලට, පරිත්‍යාගශීලි කාන්තාවක් ලබා දුන් DNA 0.1% ප්‍රමාණයක් එක්කර තිබෙනවා.
මෙය සිදු කර ඇත්තේ මයිටොකොන්ඩ්‍රිය රෝගවලින් (mitochondrial diseases) යුත් දරුවන් ඉපදීම වැලැක්වීමේ මුල් පියවරක් ලෙසයි.
මෙම දරු උපතත් සමඟ දරුවන් 5 දෙනෙකුට මෙසේ DNA භාවිතා කර උපත ලබා දී ඇති බව සඳහන් වනවා.
(colombotimes.lk)