2025 ලෝක රූ රැජින කිරුළ තායිලන්තයේ Opal Suchata Chuangsri නම් තරගකාරිණිය විසින් දිනාගෙන තිබෙනවා.
1951 වසරේ මහා බ්‍රිතාන්‍යයේදී ඇරඹි ලෝක රූ රැජින තරගයේ 72වන අදියර ඉන්දියාවේ තෙළඟනාහිදී ආරම්භ වුණේ මැයි 7වනදායි.
මෙවර ලෝක රූ රැජින තරගාවලිය සඳහා තරගකාරිනියන් 108දෙනෙක් ඉදිරිපත් වූ අතර ඔවුන් මහද්වීප 4කට බෙදා එක් එක් මහද්වීපයෙන් අවසන් වටයට තරගකාරිනියන් 10දෙනෙක් බැගින් තෝරාගෙන තිබෙනවා.
එම මහාද්වීප වෙන්කර තිබුණේ ඇමරිකා සහ කැරබියානු, යුරෝපා, අප්‍රිකා, ආසියා සහ ඔෂනියා ලෙසයි.
(colombotimes.lk)
