හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් ෂැනන් වත්ත ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට අද (27) අලුයම ගස් කිහිපයක් කඩා වැටී තිබෙනවා.
ඒ හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.
හැටන් පොලීසියේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ප්‍රධාන මාර්ගයට කඩා වැටී තිබූ ගස් කපා ඉවත් කිරීමෙන් අනතුරුව එම මාර්ගයේ ගමනාගමන කටයුතු එක් මන්තීරුවකට සීමා කර තිබෙනවා.
හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දික්ඔය ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට විශාල ගස් කිහිපයක් කඩා වැටීම හේතුවෙන් මාර්ගය අභියස පිහිටි විදුලි සහ දුරකථන කණු කිහිපයක් කැඩී ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම හැටන් වනරාජා වත්තේ වතු නිවාස පේළියක් මතට අඹ ගසක් කඩා වැටීමෙන් වතු නිවාස 03ක වහලවල් සහ මුළුතැන්ගෙයි බිත්තිවලට අලාභ හානි සිදු වී තිබෙනවා.
එම ප්‍රදේශයට පවතින දැඩි සුළං තත්ත්වය හේතුවෙන් අධි බලැති විදුලි රැහැන් පද්ධතිය මතට ගස් සහ ගස්වල අතු කඩා වැටීමෙන් හැටන්, නෝර්වුඩ්, කොටගල, නෝර්ටන් යන ප්‍රදේශවල විදුලි බලය සම්පූර්ණයෙන් ඇනහිට තිබෙන බවයි වාර්තා වන්නේ.