22 November 2024


බේකරි සහ ආපනශාලා නිෂ්පාදන මිල අඩුවෙයි ?



රුපියල ශක්තිමත් වීමට සාපේක්ෂව බේකරි හා ආපනශාලා නිෂ්පාදනවල මිල අඩු කිරීම සම්බන්ධයෙන් අවදානය යොමුවී තිබෙන බව වෙළඳ අමාත්‍යාංශය පවසනවා.

අමාත්‍යාංශය සඳහන් කළේ එම නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමේ ප්‍රතිශතයන් පිළිබඳ ජනතාව පාරිභෝගික කටයුතු අධිකාරියටද පැමිණිලි කර ඇති බවයි.

රුපියල ශක්තිමත් වීමේ වාසිය සහ අමුද්‍රව්‍ය මිල ගණන් අඩුවී‍මේ වාසිය ජනාතාවට නිසි පරිසි ලබාදීමට බේකරි හා ආපනශාලා හිමිකරුවන් කටයුතු කළේද යන්න සම්බන්ධයෙන් අධ්‍යයනයක් ද මේ වන විට ක්‍රියාත්මක වනවා.

වෙළඳ අමාත්‍යාංශය සඳහන් කළේ මීට සමාගාමීව බේකරි හිමියන්ගේ සංගමය සහ ආපනශාලා හිමිකරුවන්ගේ සංගමය කැඳවා මිල අඩුකිරීම සම්බන්ධයෙන් ඔවුන් සමඟ සාකච්ඡා කිරීමද සැලසුම් කර ඇති බවයි.

(colombotimes.lk)