15 June 2026

logo

පන්දු රැකීමේ දුර්වලතා ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී සිහිනය බොඳ කරයි



සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති තරග 3කින් සමන්විත T20 තරගාවලිය තරග 2 - 1ක් ලෙස පරාජයට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණා.

ඒ දෙරට අතර අද පැවති තීරණාත්මක අවසන් T20 තරගය කොදෙව් කණ්ඩායම කඩුලු 5කින් ජයග්‍රහණය කිරීමත් සමඟයි.

මෙම තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 169ක් රැස් කළා.

එහිදී දුනිත් වෙල්ලාලගේ පන්දු 28කින් ලකුණු 43ක් රැස් කරගත්තා.

කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 4ක් පමණක් වැය කරමින් කඩුලු 5ක් දැවී සිටියදී තරගය ජයග්‍රහණය කළා.

එහිදී කොදෙව් ඉනිමේ පළමු පන්දුවාර 10 අවසානයේදී ශ්‍රී ලංකාව වැඩි වාසි අත්කර තිබූ තරගය කොදෙව් කණ්ඩායම දෙසට හරවාගත් රතර්ෆර්ඩ් පන්දු 40කින් නොදැවී ලකුණු 54ක් රැස් කළා.

කෙසේ වෙතත් ඔහුගේ උඩ පන්දු 2ක් ශ්‍රී ලංකා පන්දු රකින්නන් අතින් ගිලිහීගියා.

ඒ අනුව දෙරට අතර පැවති තරග 3කින් සමන්විත T20 තරගාවලිය තරග 2ට 1ක් ලෙස කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය කළා.

(COLOMBOTIMES.LK)