අලුත්ගම සංචාරක හෝටලයක් පිටුපස වෙරළ තීරයේ දිය නෑමට ගොස් සිටියදී රළ පහරට හසු වී පුද්ගලයෙක් ඊයේ (14) ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ගැටහැත්ත, නාපාවල පදිංචි අවුරුදු 45ක් වන පුද්ගලයෙක් මෙලෙස මිය ගොස් තිබෙන බවයි.
මියගිය පුද්ගලයා තවත් පිරිසක් සමඟ දියනෑමට ගොස් සිටියදී මෙලෙස දිය පහරට හසු වූ බව අලුත්ගම පොලීසිය සඳහන් කළා.
(colombotimes.lk)
