පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කර මේ වන විට මැතිවරණ කොමිසම වෙත භාරදී ඇති බව රජයේ මුද්‍රණාලාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර පවසනවා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ වන විට සියලු දිස්ත්‍රික්කවලට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය වෙමින් පවතින බවද දිස්ත්‍රික්ක 10කට අදාළව සියලුම ඡන්ද පත්‍රිකා මුද්‍රණය මේ වන විටත් අවසන් කර ඇති බවයි.
පොළොන්නරුව, කිලිනොච්චි, වවුනියා, මුලතිව්, හම්බන්තොට, මාතර, මොණරාගල, මාතලේ, මඩකලපුව සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලට අදාළ ඡන්ද පත්‍රිකා මේ වන විට මුද්‍රණය අවසන් කර තිබෙනවා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ අප්‍රේල් මස 28වන දින ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කර ලබාදීමට බලාපොරොත්තු වන බවයි.
(colombotimes.lk)