03 June 2025


බන්දුල පෙතියා වෙසෙන කලාපය ගැන විශේෂ තීරණයක්



වඳවීයාමේ තර්ජනයට ලක්ව සිටින බන්දුල පෙතියා මත්ස්‍යයා වෙසෙන කලාපය සංරක්ෂණ කලාපයක් බවට පත්කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

එම අමාත්‍යාංශය සඳහන් කළේ හෙටට (02) යෙදී තිබෙන ජෛව විවිධත්ව සංරක්ෂණ දිනය වෙනුවෙන් සිදු කරන විශේෂ වැඩසටහන් මාලාව යටතේ මෙම තීරණය ක්‍රියාත්මක කරන බවයි.

මෙරටට ආවේනික මත්ස්‍ය විශේෂයක් වන බන්දුල පෙතියා වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි ගලපිටමඩ ආශ්‍රයෙන් පමණක් හමු වන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව හෙට පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩිගේ ප්‍රධානත්වයෙන් ගලපිටමඩ ප්‍රදේශයේදී ඊට අදාළ වැඩසටහන පැවැත්වීමට නියමිතයි.

 
(colombotimes.lk)