31 January 2025


බේරේ වැවේ ජල සාම්පල පරීක්ෂණ වාර්තාව අද එළියට



බේරේ වැවේ සතුන් මියයාම සම්බන්ධයෙන් ලබාගත් ජල සාම්පල පිළිබඳ අවසන් පරීක්ෂණ වාර්තාව අද (31) නිකුත් කරන බව නාරා ආයතනය පවසනවා.

නාරා ආයතනයේ පරිසර අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය ශ්‍යාමලී වීරසේකර සඳහන් කළේ එම ජලයේ ඇමෝනියා සාන්ද්‍රණ ප්‍රමාණයේ විශාල වැඩිවීමක් දක්නට ලැබෙන බවයි.

බේරේ වැවේ මිය ගිය පක්ෂීන්ගෙන් ලබාගත් සාම්පල, පරීක්ෂා කිරීම අරම්භ කළ බව ප්‍රධාන නාගරික පශු වෛද්‍ය නිලධාරී වෛද්‍ය මොහොමඩි ඉජාස් සඳහන් කළා.

(colombotimes.lk)