12 May 2025


වතිකානයේ සිස්ටයින් දේවස්ථාන කවුලුවෙන් කළු දුමාරයක්



නව පාප්වහන්සේ තෝරා පත්කර ගැනීමේ පළමු වටයේ ඡන්ද විමසීම තීරණයකින් තොරව අවසන් වී තිබෙනවා.

ඒ වතිකානයේ සිස්ටයින් දේවස්ථාන කවුලුවෙන් ඉහළ අහසට කළු දුමාරයක් නිකුත් කරමින්.

වතිකානය නිවේදනය කළේ අද (08) ඒ වෙනුවෙන් රහස් ඡන්ද වට කිහිපයක් පැවැත්වීමට නියමිත බවයි.

කොන්ක්ලේව් හෙවත් නව පාප්වහන්සේ තෝරා ගැනීමේ ක්‍රියාවලිය ඊයේ (07) ආරම්භ කර තිබෙනවා.

ඒ වෙනුවෙන් කාදිනල් හිමිවරුන් 133 දෙනෙක් එක්ව සිටින බවයි වාර්තා වන්නේ.
 
පාප් වහන්සේ තෝරා ගන්නා තෙක් එම කාදිනල් හිමිවරුන්ට බාහිර ලෝකය සමඟ කිසිදු සබඳතාවක් පැවැත්වීමට අවස්ථාවක් හිමි නොවන බවද විදෙස් මාධ්‍ය සඳහන් කළා.

(colombotimes.lk)