දිවි අහිමි වූ ධීවරයන්ගේ සිරුරු රැගත් යාත්‍රාව තංගල්ලට



මුහුදේ පාවී ආ බෝතලයක තිබූ දියර වර්ගයක් පානය කිරීමෙන් ජීවිතක්ෂයට පත් 'ඩෙවොන් 05' ධීවර යාත්‍රාවේ, ධීවරයින් 04 දෙනොගේ මළ සිරුරු තංගල්ල ධීවර වරායට රැගෙනවිත් තිබෙනවා.

අද (03) උදෑසන අදාළ මළ සිරුරු රැගත් යාත්‍රාව තංගල්ල ධීවර වරාය වෙත ළඟා වී තිබූ බවයි වාර්තා වන්නේ.

ඒ අනුව කාර්මික දෝෂයට ලක්ව තිබූ එම යාත්‍රාව තවත් යාත්‍රාවක් යොදා ගනිමින් තංගල්ල ධීවර වරාය වෙත රැගෙනවිත් තිබෙනවා.

මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අදාළ මළ සිරුරු තංගල්ල රෝහල වෙත රැගෙනයාමට නියමිත බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)