06 September 2025

logo

බස් අනතුරෙන් මියගිය අයගේ දේහයන් තංගල්ල නගර ශාලාවට



ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ සිදු වූ බස් අනතුරින් මියගිය තංගල්ල නගර සභාවේ සේවකයන්ගේ මෘතදේහ මේ වන විට තංගල්ල නගර ශාලාව වෙත රැගෙනවිත් එහි තැන්පත් කර තිබෙනවා. 

ඒ මියගිය අයට අවසන් ගෞරව දැක්වීම සඳහායි. 

මෙම දේහයන් ඇල්ල සිට තංගල්ල දක්වා ප්‍රවාහනය කිරීමට ඇල්ල හා බදුල්ල ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රජාව විසින් අවමංගල්‍ය රථ ලබාදෙමින් අනුග්‍රහය දක්වා තිබෙන බවයි වාර්තා වන්නේ.
 
‍මේ අතර මෙම අනතුරෙන් තුවාල ලබා රෝහල්ගත කර සිටින අයගේ තත්ත්වය ද යහපත් අතට හැරෙමින් පවතින බවත් තුවාලකරුවන් සියලුදෙනාගේ ජීවිත අවධානම මේ වන විට පහව ගොස් ඇති බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා. 

(colombotimes.lk)