06 September 2025

logo

පද්මේ ගෙන්වූ අයිස් නිෂ්පාදන රසායනික ද්‍රව්‍ය ගැන බැකෝ සමන් හෙළි කළ දේ



අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට ආනයනය කළ බවට සැක කරන රසායනික ද්‍රව්‍ය තොගයක් මිද්දෙණිය තලාව ප්‍රදේශයේ ගෙවත්තක වල දමා තිබියදී අද (06) සොයා ගෙන තිබෙනවා.
 
ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක් වන සම්පත් මනම්පේරිගේ ඉඩමේ තිබියදීයි. 

ඉන්දුනීසියාවේ සැඟව සිටියදී මෙරට රැගෙන ආ බැකෝ සමන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මෙම ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා. 

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා ඇතුළු කණ්ඩායම විසින් සිදු කළ වැටලීමකදී මෙම රසායනික ද්‍රව්‍ය තොගය සොයා ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

මේ පිළිබඳව පරීක්ෂා කිරීම සදහා අන්තරායක ඖෂධ නියාමන අධිකාරිය විසින් අද (06) පරික්ෂණ සිදු කර තිබෙනවා. 

රසායනික ද්‍රව්‍ය තොගය මෙරටට ආනයන කළ බහාලුම බවට සැක කරන කන්ටේනර් 02ක් මෙම භූමියේ තිබූ බවට නිරීක්ෂණය වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

මේ අතර තවත් එවැනිම රසායනද්‍රව්‍ය කොටසක් අසල සුසාන භූමියකද වලදමා තිබියදී සොයාගෙන තිබෙනවා. 

(colombotimes.lk)