06 September 2025

logo

රජය මිලදී ගත් වී ප්‍රමාණය හෙළි කරයි



රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ යටතේ මේ වන විට වී මෙට්‍රික්ටොන් 40,000කට අධික ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බව වී අලෙවි මණ්ඩලය පවසනවා. 

එහි සභාපති මංජුල පින්නලන්ද සඳහන් කළේ වැඩිම වී ප්‍රමාණයක් අම්පාර දිස්ත්‍රික්කයෙන් මිලදී ගෙන ඇති බවයි. 

අම්පාර දිස්ත්‍රිකයේ  85%ක් මේ වන විට අස්වනු නෙලා අවසන් වී ඇති අතර අනුරාධපුරය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල වී මිලදී ගැනීම තවදුරටත් සිදුවන බව ද ඔහු කියා සිටියා. 

වී මිලදී ගැනීම සඳහා පළමු අදියර යටතේ රජය මඟින් රුපියල් මිලියන 60,000ක මුදලක් වෙන් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් රුපියල් මිලියන 55,000ක මුදලක් ගොවීන් වෙත ගෙවා අවසන් බව වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)