colombotimes.lk
සිංහල | English

26 April 2024

ජනප්‍රිය ඇමෙරිකානු විකට නළුවෙක් දිවි රඟ මඬලින් සමුගනියි



ජනප්‍රිය ඇමෙරිකානු විකට නළු Mike Batayeh හෘදයාබාධයක් හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. 

මියයනවිට ඔහුගේ වයස 52ක්. 
 
'Breaking Bad' කථාමාලාව හරහා ඉතා ප්‍රසිද්ධියට පත්වුණු, ඔහු 'CSI: Miami', 'JAG' සහ 'Everybody Loves Raymond' යන කථාමාලාවලටද රංගනයෙන් එක්වී තිබෙනවා. 
 
'You Don't Mess with the Zohan' චිත්‍රපටයටද එක්වුණු Mike දක්ෂ හඬ නළුවෙක්. 
 
2014 දී තිරගත වූ 'X-Men: Days of Future Past' චිත්‍රපටයට හඬ නළුවෙකු ලෙසද ඔහු එක්වී තිබුණා.
(colombotimes.lk)