2024 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත නොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඒ අනුව 2024 අයවැය කතාව 2023 නොවැම්බර් 13 වැනිදා ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළා.
විසර්ජන පනත් කෙටුම්පත 2 වැනි වර කියවීමේ විවාදය නොවැම්බර් 14 සිට 21 දක්වා පැවැත්වෙන අතර 2 වැනි වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21 වැනිදා පැවැත්වෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
තුන්වන වර කියවීමේ විවාදය නොවැම්බර් 22 සිට දෙසැම්බර් 13 දක්වා පැවැත්වෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.
2024 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය ලැබී ඇති බව අමාත්‍ය මණ්ඩලය අද පෙරේදා නිවේදනය කළා.
රජයට අනුව, 2024 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත කෙටුම්පත් කිරීම සඳහා 2023 ජූලි මාසයේදී පැවති කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබෙනවා.
නීති කෙටුම්පත් සම්පාදකයා විසින් සකස් කරන ලද 2024 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය ඉන් අනතුරුව ලැබුණා.
එම පනත් කෙටුම්පත රජයේ ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත් කර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබුණා.
ජනාධිපතිවරයාගේ යෝජනාව සැලකිල්ලට ගනිමින් 2024 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා.
(colombotimes.lk)